ShareThis

2013-07-13

සිහින වීදිය..෴

 සිහින පොදි බැදෙන
සිහින වීදිය
අර අරහෙ
ඇවිදන් යන්න
ඇරඹුමයි
දහසක් හීන
පොදි බැදන්....♥

෴ සිතුවිලි පලස ෴

2013-07-10

එ මල..

෴ සිතුවිලි පලස ෴

මම උපේක්ෂා මධුෂානි..

රණ තිසර රැඟුම් මැද බෝ දුරක ඇදෙන හිත


රණ තිසර රැඟුම් මැද

බෝ දුරක ඇදෙන හිත
පෑ නුරා බැලුම් මට
ඒ උන්මාද ව සිත
ලෙලදෙන සිහිනිඟ
මට අකීකරුව සිත



බැල්මෙන් 
රැඟුමෙන්
තාලෙන්
රුපෙන්
විසේකාර අංගනා
වශීකෘත වේය සෝබනා



හැඩ වැඩ පිරුවට ඇඟලා
රඟ දෙයි රඟ මඩල පුරා



යන්නට සිත් දෙයි
ගෙන එන්නට සිත වධ දෙයි



විසේකාර කොමල පාන
මන බන්ධන අංගනා

2013-07-03

ලකර ළඳුනි.........


සවන් මිණිකොඬොල් පළඳින
නුවන් නිලුපුලෙව් බබළන
පවන් සලන ඝන චාමර
මේඝය වරලස්
නළල් සදිසි, දුල් සඳකඩ
සිහින් ළසඳ මුව මදහස
ලෙවන් තුළ උදුල රණ ලිය
සෙරෙහි සදිසි මන්,
දිමුතු දසන් පෙති සිප එන
වදන් මී පුරන දෙසවන
බලන් නෙතඟ බැල්මට
නොවනා කවුරුන් ලොල්
තබන පා හසෙකි තාලෙට
ගමන නාරජෙකි සෝබන
කියනු කෙලෙස වනමුද ලොව
ලකර පිය දසුන්.

^සූ
Like ·