ShareThis

2013-12-19

___සිද්ධ පත්තිනි.. රෙද්දෙ තුත්තුරි__


රෙද්දෙ තුත්තිරිත් හැමතැන
බැද්දෙ ටත් හොරෙන් රඟ දෙන
පත්තිනි ත් අතින් ඇර ගෙන
මල් කුමාරියෝ
රඟ දෙන මල් කුමාරියෝ

කම්මලක් වගේ කට නම්
ගින්දරක් නැතත් ගිනි දෙන
කේලමින් රටක් වනසන
මල් කුමාරියෝ
සුන්දර මල් කුමාරියෝ

පන්දමක් අතින් අර ගෙන
දිය යටින් ගිනිත් ගෙනියන
බෙර නැතත් අඩව් අල්ලන
මල් කුමාරියෝ
ලස්සන මල් කුමාරියෝ


19.12.2013

2013-10-29

෴ හදවත ලග නතරව නුඹ෴

හදවත ලග නතරව නුඹ
කිමද බලන මේ වට පිට
නැගෙන කදුළු මේ දෙනෙතින් විවරව
දැනෙන නොම දැනෙන සේ මුව සිනහව

තරවටු කරමින් පෙම් කල මසිතට
කිමද නුඹ තවම හිත ලග නතරව
බලන බලන හැම අත ඔය යටි හිත
කියන කවිය මම නොවේද මා ලබැදිය

කරුණ දැන කරුණු විමසන සද
දැනෙන කදුළු තෙත් නොම වෙද ඔය හිත
විදින හී සරක සැර පහර ලද
හදට කිමද මේ තරමට දුක් කද

© ෴දර්ශන විමුක්ති෴

October 25 - 2013

෴පහන් කණුව යට෴

෴පහන් කණුව යට෴
________________________
තනිකඩව තනි රකින
තනි හිතක නිනව්වේ

අතරමං කුණාටුව
කොයිබටද ඇදෙන්නේ

වස හද දොරගුළු
නිදා නොදකින ලෙසේ

ලොවම නිදන රැයේ
ඉකි ගසන රාත්‍රිය
මූසල අදුරු කුටියක

සිත්තමක් වන ලෙසට
ගෙත්තමක් ගෙතෙන්නේ

සුවද දෙන මල් සුවද
පරව ඉකි ගසන්නේ

තුඩ තුඩග රදා ගෙන
කාසි මිටි ගසන්නේ

කුමන අරුමද ලොවේ
දුගී දන මිරිකෙමින්

සත්තකම සොදුරු ගත
හතර අත බෙදන්නේ

© ෴දර්ශන විමුක්ති෴

October 26

බඹරු වෙති නුඹට රිසි නොවෙමි ඒ මම

සැලෙන හද
පෙලන සර
දකින විනිවිද

දිලෙන රුව
පාන ඉඟි
ගෙනෙයි මායම

බලන නෙත
සලන එක
සැණෙක රහසෙම

බඹරු වෙති
නුඹට රිසි
නොවෙමි ඒ මම

© ෴දර්ශන විමුක්ති෴

October 26

2013-10-18

මතක අහුරක රැඳුන කඳුලක්

පවුරු බැඳි හිත අතර සිර වුන
කඳුළු කවිකම් සෙමින් ඉකිබිඳ
ඔහේ ඇවිදන් ගියපු මඟතොට
මතක සක්මන් කරයි රහසෙම

හඩන හැඩවෙන දෙනෙත් අග රැඳි
මාතක මාවතේ ඇවිද යනවිට
යලිත් කඳුලක් තෙමු ඇයි නෙත්
හැඩෙන මතකය දුරට යන විට

පබළු වැහිපොද සෙමින් වැටෙමින්
මගේ සියොලඟ දවා හඩමින්
කඳුළු මාලා ගොතන හිනෙට

රටා මැව්වා නුඹත් ඇවිදින්

2013-10-17

මලෙන් උපන් කුමාරයෙක්

මලෙන් උපන් කුමාරයෙක්
පතන්නෙ සුර ලොවෙන් ඇවිත්

කුමාරි මං තව කුළුඳුල්
කියන්න දැන් රැඳෙයි තුටින්

෴දර්ශන෴


දිය සිඳුණු ගංගාව

දිය සිඳුණු ගංගාව
බිම ඉරිතලා...

වැසි කඳුලු නෑ තාම
හිරු නැහැවිලා...

කන්දක් වගේ හිතක
හෙන විසිරිලා...

විඳ ගන්න දුන් ආලේ
වියැකී ගියා

අළු වී ගියා ආයෙ නොඑනා නිසා

෴දර්ශන෴

2013-10-12

ගසක් නැති ඈ මලක් පැතුවා ය...

අත්ල ගිලිහී ගිය මටසිලිටු බව
සක යොමා ඔබ මොබ
ඉඳින් මල් ගස කිමද ඔරවන
මලක් වන්නට බැරිද ඈ හට.!

දන්නේ ඉහළ යාමක්
පමණමද ඔය කුරිරි තුරු හිස
කිම පාත් නොකරන
මදක් අතුරා කරුණාව හදවත.!

පරවුණු විට පමණක්ය
කිම නොහෙළන්නේ නැවුම් මල් බිම
ඈ පතන්නේ බුදුන් පුදනටම මිස
සළෙලුන්ට පුදන්නට නොවේ නුඹ!

තුත්තිරි උනත් දිරි ගෙන
මුමුණන තාල විමසන
මලක් දීගත නොහැකි තැන
සකට දිවි දී දුකින් මිය යන...!

සංසාර සක අත්වාරු ගෙන
තුරු පාමුලම මලක් පමණක් යදින
කිම යොමා දෑත් ඉහළට
තුර නුඔ පතනවාද පාද ඈ වෙත...!

2013-08-30

~ අතීත මතකය ~



අතීතයේ       රස මතක  එකතුවක 
තනි වූයේ     මා සැන්ඳෑ    වරුවක
ජීවිතයේ       අප පැමිණි ඒ         මඟෙක
ආදරියේ       නුඹ නොනිමි අත්     වැලක



අනේක බාධා සොම්නස්   ලැබ  ගෙන
සයුරක කඳුලැලි නිබඳව   හෙලමින  
කතරක තනිවම නොතනිව     කිසි දින
ආලෙක දුක සැප   වින්ඳේ    හැම දින



අද මෙන් හැමදා විඳිනෙමි මේ තුට
සඳ මෙන් සිහිලස ලැබගමි සිත හට
හොඳ මෙන් නරකද පෙරළී දිවි යට
ලද බැව් සිහිකොට විඳගමි සන් තුට




_____________ - ශිරූ - ________________


https://www.facebook.com/photo.php?fbid=587503474645934&set=a.385977764798507.90082.100001588600625&type=3&theater



ඕං ඕක බඩුවක් මචං - මම නම් උපාසක


_මුලාව__




කිසිත් නොදන්නවැයි කියුවට ඈ
පුරුදුකාරියක් වග දැනුණා
රඟපාපු තරම මං ඉස්සරහ
මටත් අමතක උනා හැබෑට
මං උපාසකයෙක් වෙන්න හදපු වග
හැරිල බලද්දි ආපස්සට මම
අපි හැමෝම පන්සිල් රකින උපාසකවරු
පූරුවෙ කරුමෙකට මිහිමත උපන්
ගැහැණුන් පමණක් බැනුම් අහන අපූරුව

ඕං ඕක බඩුවක් මචං
මම නම් උපාසක

෴දර්ශන෴

Original :-  https://www.facebook.com/photo.php?fbid=10200855630293722&set=a.2468462911602.2141201.1253206762&type=3&l=e1d3882f78&src=https%3A%2F%2Ffbcdn-sphotos-a-a.akamaihd.net%2Fhphotos-ak-ash2%2F188860_10200855630293722_1982040335_n.jpg&size=960%2C720





 — 


අපව රැකදුන් අපේම උන් අනේ අපටම ගිනි පිඹින සැටි



කුසට අහරක් ගන්ට දුක් ගැහැට විදි

දරුවන් රැක ගන්න අපමණ දුක් විදි
පිපාසය සංසිදුව දිය බිදු ලැබ ගති
අනේ අද අපට එයද හිමි නැති



වස බී නසින්නට බැරි හෙයින්
දිය බිදක් ඉල්ලා හැඩුවෙමි
දිය බිදක් ඉල්ලා කෑ ගැසුවෙමි
උන් අපට යුධ බිය පෙන් වූ සැටි

අපව රැක දුන් වීර සෙන්පති
රට ම රැකදුන් රණ වීර උන්
අපව රැකදුන් අපේම උන්
අනේ අපටම ගිනි පිඹින සැටි

© ෴දර්ශන විමුක්ති෴