විප්ලවයේ දරුවෝ....
අලුයම
නිදිගැට බිඳින්නට පවා
ඉඩක් නොමැතිව
ඈතීන් ඇහෙන
ජීප් රියේ ශබ්දයෙන් පිබිද
වෙල් නියර දිගේ
ලන්දට දුවන...
උණු බත් කටක්
කාලෙකින් නොකෑ
උඹට බඩගිනි නොවෙද
මගේ පුතේ
හූල්ලයි අම්මා
චීත්තයෙ කොණින්
කඳුලු පිහලමින්...
උලමුන් කෑගසන
රාත්‍රියෙ වියරු බව
කියන්නට දෝ ඇවිත්
උඩු බුරයි බලු රැළම
පහන් වැටියක් පවා
නොදැල්වෙන රාත්‍රියෙ...
බර අඩි සපත්තුව
බොරළු වල ගැටෙද්දී
කණ් අඩි හිරකරයි
වැල් කැඩුණු ඇදේ හුන්
ම,පුතු දිවගොස්
කොට බිත්තයෙන් එපිට
සැඟව යයි...
හිතන්නටවත් ඉඩක් නැති
අහේතුක වෙලාවේ
කුදලාන ගියේ ඇයි
මා පුතුන්
සඳ රාහු අල්ලලා
කළුවරක් ඇඳෙද්දී
වෙඩි හඬක් ඇසුණෙ ඇයි
ඈත වෙල් මණ්ඩියෙන්...
0 comments:
Post a Comment
ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.