skip to main |
skip to sidebar
කිසිවකුගේ අනුකම්පා නැති මට නුඹ මෙතරම් ආදරේ මොකදෝ මන්දා
බෝල මිටියට
පෙම් බැන්ද
කරගැට වලින්
පිරි මගෙ අත්...
සියුමැලි නුඹේ අතට
තද වැඩි වෙයිද මන්දා...
අව්වට පිලිස්සුන,
දහඩියෙන් නැහැව ගිය
මගේ මේ උර මඩල
නුඹට
තද වැඩිදෝ මන්දා...
වැහිලිය ගෙතුලටම විත්
අදත් නුඹව
පිලිගනීවිදෝ මන්දා...
කට කැඩුන, අඬුව නැති
මගේ කෝප්පයේ වතුර
නුඹේ ඔය පිපාසෙට
පිහිටක් වේවිදෝ මන්දා...
ගල් ගැහුන මගේ හද
නුඹේ ඔය සෙනෙහෙ දියෙන්
කවදා තෙත් වේවිදෝ මන්දා...
කිසිවකුගේ අනුකම්පා නැති
මට
නුඹ මෙතරම් ආදරේ
මොකදෝ මන්දා
0 comments:
Post a Comment
ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.