"...රිද්මානුකූලව
හඬා වැටුණු නුවන් යුග
තෙමී ගිය කොපුල් තල...
ගලා නොයන කඳුළු දියරේ..
සිනා පියුම් පිපි ඇත..
ඔබට අත වනා
ඔබේ දුක ගත් මගේ
හදවතේ දුක ගන්න..
දෙන්න ඔය කොමළ අත
අපි එක්ව ගයමු අද
ජීවිතයේ යසෝ ගීතය...!
එක්ව හිදින අන්තිම දවසයි.
අද අප සැවොම
හිනාවෙමු.... හිනාවෙමු.....
සසර මඟ භව වීදියේ
පහන් ටැම් දල්වා ඇත.
අර පෙනේ....
ඈත දුර
අප යළිදු හමුනොවන දින
ලෝකයම හඬනු ඇතිද?
ඒත්.....
එදා මෙන්ම
සඳ ,හිරු ,තරු දිලෙනු ඇත.
එකම වෙනස
ඔබට මමත්....මම ඔබටත්
අමතක වී යාම වනු ඇත..
එදින මා සමරන්න, අනාදරයෙන් හෝ
එවිට....,
ඔබ ඔබම
සමරා ගනු ඇත
ආදරයෙන්....."
0 comments:
Post a Comment
ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.