ShareThis

2013-05-15

උන් ගැන.. .෴


නුඹ .෴


.෴මම සොයමි (මම) .෴



සර්පයා ෴

එක හැන්දෑවක
දීපිකා,
රහසේම ගෙදරින් ගිහින් තිබුනා..

මහ උන්දැලාට
මට දෙස් තියන්න
අළුත් මාතෘකාවක් දීලා
"උඹ නංගිව හරියට බලාගත්තෙ නැහැ"

තවත් එක උදෑසනක
කෙහෙවැල් කඩාගෙන
දීපිකා අපේ ගෙදරම
එළිපත්ත උඩ ඇණ තියාගෙන
හූල්ල හූල්ල හිටියා ...

දීපිකා එහෙම්ම ගෙදර නැවතුනා කාලයක්
ටික ටික හිත හදාගන්න ඇති..
නිතර හිනැහුනා ඈ
පෙර පරිදිම

මහ රෑට ඈ සුසුම් හෙළනු ඇසුනා
අල්ලපු කාමරෙන්
ඇඳේ එහෙට මෙහෙට පෙරලෙන සද්දෙ
කිරි කිරියෙන් හොඳට ඇහුනා
හඳ ඉටිකොල අතරින් පායලා තිබුනා..

කේ කේ සමන් කුමාරගෙ සර්පයා
මගෙ ඇඳ ඉහ මතින් ඇහැරුනා
මට පැහැදිළිවම දැනුනා..

සමන් කුමාර කිහිප වතාවක්ම පැරැද්දුවා
උගේ නයා.. අමාරුවෙන් හරි..
මම එක පාරින්ම පැරදුනා
මගේ සර්පයාට

"නිහාල්" හැබැයි ඒ
මාමගේ දුව නම් නෙවෙයි....

හඳ හෙටයි පායන්නෙ ෴


මා ෴


යස්ස රාත්‍රිය෴


෴ පෙර දිනයක මා පෙම් කල යුවතිය෴


පෙර දිනයක මා පෙම් කල යුවතිය
මගේ ලගින් හිද
සිනා සලද්දි
සතුටු සිනා මැද
ගීත කියද්දී
ඔහු ගැන මා හා
කතා කියද්දී
සිනා රැලක්
මා තුල මතු වෙන්නේ

නුඹ සතුටින් හිදිනා බව දැනගෙන
හදපිරින්ම සුබ පැතුම් එවන්නම්
මගේ නැගණියක් සේම සිතන්නම්

පතිකුලයට
යන දාකට
මා හට
ඇරයුම් ලැබුණොත්
ඇවිදින් යන්නම්





Success