ShareThis

2014-03-10

වැලන්ටයින්෴





රෑ දෙකට විතර වහින්නට පටන් ගත් වැස්ස එළි වෙන තුරුම චුරු චුරු ගගා තිබුනා. බ්ලෑන්කට්ටුව තව තදට පොරොව ගෙන මම ඔහේ ගුලි වෙලා හිටියේ සීතල හින්දම නෙවෙයි, බ්ලැන්කට්ටුවත් වෙලාවකට මට හිරි හැර කරන හැටි අම්මපල්ල. කකුල් දෙක වහ ගත්තොත් ඔලුව එලියෙ, ඔලුව වහ ගත්තොත් කකුල් එළියෙ.

ජනේලයෙන් එළියේ අමුතු සුරංගනා කතාවක පසුබිමක් වගෙයි පෙනුනේ. හුඟාක් ඈතින් වීදියේ පහන් කණුවක කණ පාට එළිය මාව තවත් කම්මැලි කෙරෙව්වා. කල්පනා කරන්නවත් දෙයක් නැතුව ඉන්න කොට, එක පාරටම කවුද දොරට තට්ටු කලා. දොරට කලබලෙන් ගහගෙන ගහගෙන ගියා. එකත් එකටම පීටර් මාමා වෙන්න ඇති, අදත් කබල් මෝටර් බයිසිකලේ කැඩිලා තල්ලුවක් ඉල්ලන්න එන්න ඇති කියලා හිතුන හින්දා සද්ද නැතුවම හිටියා. දොරට ගහන සද්දෙ වැඩි උනා. තව පාරක් හයියෙන් ගැහුවොත් දොර කැඩෙන සයිස්.

"කවුද...??
මම ගෙදර නෑ....!!
උදෙම්ම පට්ටලේ වැඩට ගියා..
හවස් වෙලා එන්නෙ.."

මම පීටර් මාමාට නෝක්කඩුවට වගේ කෑගහල කිව්ව..

"ඕයි එහෙනං ඔය උත්තර දුන්නෙ කවුද..??"
එළියෙන් ඉතා වේගයෙන් ඒ ප්‍රශ්නෙ ආවා..

කවුද කියනවකො. මේ උදේ පාන්දර..

තමුසෙ ඉස්සෙල්ල දොර අරිනවකො
ඊට පස්සෙ බලනවා කවුද කියලා
ඒ වචනවල තිබුනේ තද බවක්
මම නැගිටලා දොර ඇරියා
කී...ස් ගාලා කම්මැලි කමෙන් තමා දොර ඇරුනෙත්. එලියෙ හිටියෙ මහල්ලෙක්. කවදාවත් දැකලා නැති බව නම් හොඳටම විශ්වාසයි. "මට නිදි මත හින්ද වෙන්නැති" මම ඇස් පිහදාලා ආයෙමත් බැලුවා. ම්ම්ම්හු.. දැකලම නෑ...

ඔහේ කවුද..?
මම ඇහුව

මම කවුද කියල කියන්නම්.. ඉස්සෙල්ල තමුසෙ මට ඇතුලට කතා කරලා කෝපි එකක් දෙනවා.. එළියෙ වහිනවා හිමත් වැටෙනවා.. පේන්නැද්ද මගෙ කබායත් තෙමිලා.. "
ඔහු කියාගෙන කියාගෙන ගියා..

"එහෙනං එනවා.. ඔය උදුන ලඟ පුටුවෙන් වාඩි වෙනවා..
මට වත් කෝපි එකක් හදාගන්න කම්මැලි කමෙන් ඕයි මමත් හිටියෙ"
මම කිව්වෙ නොරුස්සන ස්වරයෙන්"

ඔහු ගේ ඇතුලට ආවෙ ක්ෂණයෙන්. ආපු ගමන් පුරුදු කාරයෙක් වගේ පුටුවෙන් වාඩි වෙලා පත්තරේ කියවන්න ගත්තා. මම කතා නොකරම කුස්සියට ගිහින් කෝපි දෙකක් හදාගෙන ආව..

හ්ම්ම්... දැං කියනවා බලන්න තමුසෙ කවුද ? කොහෙන්ද කඩා පාත් උනේ කියලා..
මමත් වාසි උනා පුටුවක..

තමුසෙට මාව අදුරගන්න බැරිද? මම වැලන්ටයින්..

නෑ මං ඔහේව අදුරන්නෙ නෑ.. කොහේ ඉඳලද ආවෙ...

ඔහු ඉතා උස් හඩින් සිනා සුනා.. දින ගනනකින් දත් නොමැදපු බව හක්කේ තිබුනු දත් වලින් පවා සනාථ උනා..

ඒ කියන්නෙ තමුසෙ මාව දන්නෙ නෑ ආ..
ඔහු නැවතත් සිනාසෙන්න ගත්තා.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ..

මේ තමුසෙ මාව දන්නෙ නැත්නම් ගිහිල්ල කැලැන්ඩරේ බලනව අද දිනය කවද්ද කියලා..
සාලයේ කොනක තිබුනු දින කැලැන්ඩරයක් වෙත මගේ ඇස් ක්ෂනිකව ගියා. අද පෙබරවාරි 14.. මේ මොන මගුලක් ද මූ කියන්නෙ. මට පිස්සු වගේ හැඟීමක් දැනුනා..

මට තේරෙන්නෙ නෑ ඕයි තමුසෙ මොකක් කියන්න හදනවද කියලා.. අද 14.. පෙබරවාරි තමයි 

ඉතිං..??

අමුත්තා පුවෙන් විදුලි වේගයෙන් නැගිට්ටා. නැගිටලා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉදලා දොර ඇරගෙන වේගයෙන් වීදියේ එහා මෙහා යන පිරිස අතරට එකතු උනා....



 පාදඩයා෴

රාම් ලීලා෴෴

ඉපදුනේ දෙපිළක නොවුනට...

තුවක්කු හරඹ
කැති පොලු හරඹ..
නැටුම් ගැයුම්
හෝලි...
මොකවත් නැති උනාට..

අහන්නත් කලින්..
උඹ මගේ තොල්
අයිති කරගත්තට...

උදවු කරන්නයි
හරස් කපන්නයි
යාලුවෙක් තියා
බල්ලෙක් වත් නොහිටියාට...

මමත් පැන්න
නෝනා නැති එක රෑක
උඹේ කාමරේට...

ලීලාවතී...

මම රාමණායක..







පාදඩයා෴