ShareThis

2013-05-22

මම හිදිමි තව මඟබලා

දසත හමනා සුළං රැළි වල අපේ මතක ඇත පාවෙලා
මසිත කලඹා නැගෙන සුසුමන් නුඹේ හිත ලග යාවෙලා
දිගත නලවා දැනෙන හසරැලි සිතට සිත තව ලංවෙලා
අරුත කියනා සෙනෙහසක් ලඟ නුඹේ නම ඇත ලියවෙලා

හමන මදනල සියුම් සියුමැලි නුඹේ වත ලඟ රැව්දිලා
නඟන සුසුමන් කඳුළු අමුණපු අපේ මතකය සමරලා
ගලන හසරැලි මුවින් ගිලිහි නුඹේ හිත ලඟ නැවතිලා
හදන මන්දිර මතක පාමුල අපේ හීනය බොඳකලා

අළුත් කඳුලක් ඇවිත් දෙනුවන් අඟින් හිද හිනැහිලා
තවත් සුසුමක් මතක පාමුල අපේ සමරුම් සිහිකලා
යලිත් තුරුලේ සැඟව ඉන්නට සිහින දකිමින් හිනැහිලා
සිතත් එක්කර යලිත් එන තරු මම හිදිමි තව මඟබලා

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.