ShareThis

2013-08-10

෴ සිතුවිලි පලස ෴


හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට......... .දවටමි
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන .........ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ..ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති .සරසමි

රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව....... පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස .......දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට .......දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ........ලංවෙමි

අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ ...............මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු ...............මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල .................මනරම්
එයින් විසිකුරු නුඹේ වතනම් ඇත්තටම ................මනරම්

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.