ShareThis

2013-05-16

" දුමේ දාපු කවි"- by Aariyawansa Himu

" දුමේ දාපු කවි"

by Aariyawansa Himu (Notes) on Tuesday, October 23, 2012 at 7:40pm

එළුවා දුවයි උගෙ කුට්ටම හොලවාලා
බල්ලා දුවයි ඒ පස්සෙන් වැර දාලා
හරකා නිදයි තණ බිස්සේ ඇල වීලා
කපුටා කඩයි කිනිතුල්ලන් වැඩ දාලා

කුකුළා හඬයි කිකිළිගෙ පස්සෙන් වැටිලා
කිකිළී දමයි බිජුවක් කෙකරය ගාලා
වඳුරා කඩයි අඹ ගෙඩි ගස් උඩ නැගලා
ලේනා හපයි අමු අඹයට දත් ගහලා

හූනා දුවයි වහලේ මෙරුවන් සොයලා
බළලා රකියි කන්නට හූනන් අල්ලා
ගෙම්බා අඬයි වතුරේ බක බක කියලා
ගැරඬි පැටව් ගෙම්බන් දැක කෙල ගිල්ලා

මිනිසුන් සිටියි ගැහැණුන් මෙන් හැඩවීලා
ගැහැණුන් බිඳියි උන්ගේ සිල් සස් ගාලා
කවියෝ කුමට නිවටුන් මෙන් දණ ඔබලා
විරුවෝ විලස එක්වව් ජය ටැඹ සොයලා
(හි මු හිමි කවි)