ShareThis

2013-05-28

පොරුවට කැන්දා - මල්ලේ සායම් කුමටද මන්දා

පෝරුවට කැන්දා
මුදු මාල පලන්දා
සුදු සේල ද අන්දා
නැකතට කැන්දා
ගෙනයමි බන්දා

මල්ලේ
සායම් 
කුමටද මන්දා

by Darshana Wimukthi

2013-05-27

සුදිය..


එකෝමත් එක දිනයක..
චතුරශ්‍රයේ, ටොරින්ටන් ..
බිම ඉඳගන..
මු දුටුවා !

මඟුලක් වගේ ..
සෙනඟ ඇවිත් බලා උන්න..

සුදිය..


සුදු කපුටා !


HasikisoM..

පිය සමර


2013-05-26

වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ|

හබුං කටයි - බත් දෙකටයි
බෝක්කු කටයි - පුතා නිදයි

කොහෙද පුතේ අම්ම ගියේ - පුතු හඬවා යන්න ගියේ
නෑවිත් යළි ඉන්න ගියේ - කිරි අරගෙන යන්න ගියේ

මවු කුසයෙන් උපන්නියා - මවු නොදැකම හඬන්නියා
ලේ කිරිකර පොවන්නියා - ලොවට බයේ දුවන්නියා

පාර උඩින් බස් යනවා - අපේ පුතා නිදියනවා
පාර යටින් දිය එනවා - මව් සෙනෙහස දියවෙනවා

දොයි දොයි දොයි දොයිය බබා - අම්මා පැන ගියපු බබා
දොයි දොයි දොයි දොයිය බබා - අප්පා පැන ගියපු බබා

හබුං කටයි - බත් දෙකටයි
බෝක්කු කටයි - පුතා නිදයි.

වෙසක්!

පෙරදා සවස
නෙක නෙක වර්ණයෙන් සැරසුණු
අටපට්ටම
මිදුලේ වැලක එල්ලී හිඳී
වර්ණවත් රුධිරය
සව්කොළ මාංශය
මහ වැස්සකට දන්දී
අනිත්‍ය මෙනෙහි කරමින්

සංසාරය දවමින්
පහන් තැටියක්
සෙලවෙන සිතක්
ඔසවාන

කළු වළා අතරින් එබීගෙන
ආලෝක පූජාවක
වෙසක් සඳ
අද මදක් වියපත්ව

වෙසක් බලමින් යති
තරුණ ජෝඩු
සාධුකාර දෙති
මැදිවිය ඉක්මවූ ගැහැණු

ඩුම් ඩුම් හඬට
දන්සැලක
උඩ පනින කොලු ගැටව්
ආලවක වෙස් ගෙන

නාලාගිරි ඇතුන්
නාද කරමින් යති
මග දිගට
බුදුරදුන් නිසසලව වැඩහිදී.

2013-05-25

මැණික ඔයාට සුබ මංගලම් !

අහංකාර කිරිල්ලී...

නපුරු නුඹ...෴


කටකාර විහිළුකාර නුඹ....♥


පමාව...



හසරැල්ල ඔබම නම්
මන්ද ? කඳුළැල්ල වී
සැනසිල්ල ඔබම නම්
මන්ද ? ලතැවිල්ල වී
ගඟුලැල්ල ඔබම නම්
මන්ද ? රුදු රැල්ල වී
සිතුවිල්ල ඔබම නම්
මන්ද ? අසලම රැදි රැදී

*****නිශා*****




2013-05-22

මම හිදිමි තව මඟබලා

දසත හමනා සුළං රැළි වල අපේ මතක ඇත පාවෙලා
මසිත කලඹා නැගෙන සුසුමන් නුඹේ හිත ලග යාවෙලා
දිගත නලවා දැනෙන හසරැලි සිතට සිත තව ලංවෙලා
අරුත කියනා සෙනෙහසක් ලඟ නුඹේ නම ඇත ලියවෙලා

හමන මදනල සියුම් සියුමැලි නුඹේ වත ලඟ රැව්දිලා
නඟන සුසුමන් කඳුළු අමුණපු අපේ මතකය සමරලා
ගලන හසරැලි මුවින් ගිලිහි නුඹේ හිත ලඟ නැවතිලා
හදන මන්දිර මතක පාමුල අපේ හීනය බොඳකලා

අළුත් කඳුලක් ඇවිත් දෙනුවන් අඟින් හිද හිනැහිලා
තවත් සුසුමක් මතක පාමුල අපේ සමරුම් සිහිකලා
යලිත් තුරුලේ සැඟව ඉන්නට සිහින දකිමින් හිනැහිලා
සිතත් එක්කර යලිත් එන තරු මම හිදිමි තව මඟබලා

තනිකමට තනි වෙන්න

තනිකමට තනි වෙන්න
තව තවත් ඉඩ දෙන්න
මතකයට නුඹ ඇවිත් 
එපා හිත රිදවන්න
ඉනාවක් වු හිනාවෙන්
එපා නෙත හඬවන්න
මගේ නොවුනත් ඔයා
සදා සතුටෙන් ඉන්න


___නිශා___