ShareThis

Showing posts with label හුදකලා වුන කවි සිතුවිලි. Show all posts
Showing posts with label හුදකලා වුන කවි සිතුවිලි. Show all posts

2014-05-09

මගේ හදවත පැයු සඳ නුඹ

෴ සිතුවිලි පලස ෴ 

මගේ හදවත පැයු සඳ නුඹ


කඳුළු සක්මන් කරපු හද වෙත 
සෙනෙහසේ මුදු සිසිල තවරා
මගේ හදවත පැයු සඳ නුඹ
ආදරේ සඳ එළිය විහිදා

තබා මගේ හිස නුඹේ උරයේ
සුසුම් උණුසුම් සයුරේ නහවා
මහා මෙරක් සේ නුඹ පුදපු සෙනෙහස
කෙසෙ ලියමිද අකුරු ගලපා

පැයු ගඟනත සුපුන් සඳ නුඹ
මගේ දිවියේ අඳුර පරදා..
මියෙන තුරු හැර නොයමි නුඹේ පෙම
හදපියන් යට සෙනෙහෙ රඳවා....

කළුවර හීනය...

2013-06-14

මඟබලා හිදිමි නුම මම එනතුරා

වළාකුළු මල් පෙති වලින්
වසා නෙතු නිල් නුවන්
මඟබලා හිදිමි මම
නුඹේ නෙතු එනතුරා

කඳුළු මල්  කලතා හිතින්
මතක පැන්දිය ගෙන‘තින්
දොවා හද මඩල මම
ඉකිගසමි අද පාරවා

හද අසිනි වැසි ඇද වැටි
සඳ දියට දුක හාදු දි
පෙම් නදිය දොගාඩම ගලයි
තුන් සිතම අද ඉරිතලා

2013-06-02

කළුවර හීනය

෴ සිතුවිලි පලස ෴

කඳුළක් සුසුමක්
එකට හමුවු තැන
බිඳ වැටුනු හදවතක
මැරුණු නටඹුන් අතරින්
ජිවිතය සෙව්වෙමි මම
පුරුදු මඟ සොයන්නියකසේ
කඳුළු මල් පිපිදි
විඩාබර සිතක් මත
තවත සරදම් 

ඇයිද මේ දිවිය මට
කඳුළු හුරතල් පෑව හිතකට
අඳුර පමණක් ඇවිදින්
තනි මකයි නම් හැමදිනම

 දෙඇස් හැරමින්
ඵලක්වේද මම
එහි ඇත්තේ

කළුවරම හීනයක් පමණක්ම වන විට

2013-05-22

මම හිදිමි තව මඟබලා

දසත හමනා සුළං රැළි වල අපේ මතක ඇත පාවෙලා
මසිත කලඹා නැගෙන සුසුමන් නුඹේ හිත ලග යාවෙලා
දිගත නලවා දැනෙන හසරැලි සිතට සිත තව ලංවෙලා
අරුත කියනා සෙනෙහසක් ලඟ නුඹේ නම ඇත ලියවෙලා

හමන මදනල සියුම් සියුමැලි නුඹේ වත ලඟ රැව්දිලා
නඟන සුසුමන් කඳුළු අමුණපු අපේ මතකය සමරලා
ගලන හසරැලි මුවින් ගිලිහි නුඹේ හිත ලඟ නැවතිලා
හදන මන්දිර මතක පාමුල අපේ හීනය බොඳකලා

අළුත් කඳුලක් ඇවිත් දෙනුවන් අඟින් හිද හිනැහිලා
තවත් සුසුමක් මතක පාමුල අපේ සමරුම් සිහිකලා
යලිත් තුරුලේ සැඟව ඉන්නට සිහින දකිමින් හිනැහිලා
සිතත් එක්කර යලිත් එන තරු මම හිදිමි තව මඟබලා

2013-05-19

යලිත් එන තුරු

දසත හමනා සුළං රැළි වල අපේ මතක ඇත පාවෙලා
මසිත කලඹා නැගෙන සුසුමන් නුඹේ හිත ලග යාවෙලා
දිගත නලවා දැනෙන හසරැලි සිත සිත තව ලංවෙලා
අරුත කියනා සෙනෙහසක් ලඟ නුඹේ නම ඇත ලියවෙලා

අළුත් කඳුලක් ඇවිත් දෙනුවන් අඟින් හිද හිනැහිලා
තවත් සුසුමක් මතක පාමුල අපේ සමරුම් සිහිකලා
යලිත් තුරුලේ සැඟව ඉන්නට සිහින දකිමින් හිනැහිලා
සිතත් එක්කර යලිත් එන තුරු මම හිදිමි තව මඟබලා

2013-05-18

අම්මා....


සිතල කඳුළු මුතු පිණි සිසිලක් දැනුනා
රන් ලේ පොදක් කිරි පාටට හැරුනා
දරු සෙනෙහසක් හිස මුදුනෙම රජ කෙරුනා
අම්මා නමින් මම අද විවරණ ලැබුවා

දස මස කුස දරන් මම නුඹ ලොකෙට පිදුවා
රතු ලේ බිඳක් කිරි කර නුඹටම පෙව්වා
ඇකයේ හොවාගෙන නුඹ මහතෙකු කෙරුවා
අම්මා නමින් නුඹටම දිවි කැප කෙරුවා

සිතල වෙලාගෙන නුඹ ඇවිදින් මනස පුරා
කඳුලැලි උනයි මම පෙව් කිරි ගුණ හින්දා
පුතු එන මඟට මගේ කඳුලැලි බර වෙනදා
නිහඩව පිටව යන්නම් පුතුනේ නුඹ දුර හින්දා


2013-05-17

....කඳුළු මල් මාලා....

කඳුළු මුතුවැල් හෙමින් ඇවිදින් දෙනෙත් පෙති අග සැරසිලා
දෙඇස් තෙමමින් මාල අමුණයි නුඹේ සෙනෙහස සිහිවෙලා
හිතක් අඟ රැදි රහස් බොහොමයි දෙනෙත් කඳුලින් තෙත් වෙලා
කඳුළු මාලා සෙමින් අමුණමි හෙලූ කඳුලින් හැඩ වෙලා

සිහින එක එක හෙමින් බොඳවෙයි දෙනෙත් අග දුක දියවෙලා
නෙතින් කඳුලැලි හෙමින් පිටවෙයි නෙතට කඳුලැලි බරවෙලා
හීන නොකියම මගෙන් දුර යයි පැතුම් එකිනෙක බොඳවෙලා
නුඹෙන් මම අද වෙන්විලා යමි පෙමක් ලඟ හිත නැතිවෙලා

මටත් රහසින් පිටව ගිය සඳ දුකක් ලඟ හිත නවතලා
කඳුළු හිත ලඟ මතක පෙරලමි කඳුළු මල් ගෙන අහුලලා
හිතින් නොසැලෙමි මතක අහුලමි තුටින් නුඹ ගිය දෙස බලා
කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා