2013-09-17
2013-08-30
~ අතීත මතකය ~
අතීතයේ රස මතක එකතුවක
තනි වූයේ මා සැන්ඳෑ වරුවක
ජීවිතයේ අප පැමිණි ඒ මඟෙක
ආදරියේ නුඹ නොනිමි අත් වැලක
අනේක බාධා සොම්නස් ලැබ ගෙන
සයුරක කඳුලැලි නිබඳව හෙලමින
කතරක තනිවම නොතනිව කිසි දින
ආලෙක දුක සැප වින්ඳේ හැම දින
අද මෙන් හැමදා විඳිනෙමි මේ තුට
සඳ මෙන් සිහිලස ලැබගමි සිත හට
හොඳ මෙන් නරකද පෙරළී දිවි යට
ලද බැව් සිහිකොට විඳගමි සන් තුට
_____________ - ශිරූ - ________________
https://www.facebook.com/photo.php?fbid=587503474645934&set=a.385977764798507.90082.100001588600625&type=3&theater
ඕං ඕක බඩුවක් මචං - මම නම් උපාසක
_මුලාව__
කිසිත් නොදන්නවැයි කියුවට ඈ
පුරුදුකාරියක් වග දැනුණා
රඟපාපු තරම මං ඉස්සරහ
මටත් අමතක උනා හැබෑට
මං උපාසකයෙක් වෙන්න හදපු වග
හැරිල බලද්දි ආපස්සට මම
අපි හැමෝම පන්සිල් රකින උපාසකවරු
පූරුවෙ කරුමෙකට මිහිමත උපන්
ගැහැණුන් පමණක් බැනුම් අහන අපූරුව
ඕං ඕක බඩුවක් මචං
මම නම් උපාසක
෴දර්ශන෴
Original :- https://www.facebook.com/photo.php?fbid=10200855630293722&set=a.2468462911602.2141201.1253206762&type=3&l=e1d3882f78&src=https%3A%2F%2Ffbcdn-sphotos-a-a.akamaihd.net%2Fhphotos-ak-ash2%2F188860_10200855630293722_1982040335_n.jpg&size=960%2C720
—
අපව රැකදුන් අපේම උන් අනේ අපටම ගිනි පිඹින සැටි
කුසට අහරක් ගන්ට දුක් ගැහැට විදි
දරුවන් රැක ගන්න අපමණ දුක් විදි
පිපාසය සංසිදුව දිය බිදු ලැබ ගති
අනේ අද අපට එයද හිමි නැති
වස බී නසින්නට බැරි හෙයින්
දිය බිදක් ඉල්ලා හැඩුවෙමි
දිය බිදක් ඉල්ලා කෑ ගැසුවෙමි
උන් අපට යුධ බිය පෙන් වූ සැටි
අපව රැක දුන් වීර සෙන්පති
රට ම රැකදුන් රණ වීර උන්
අපව රැකදුන් අපේම උන්
අනේ අපටම ගිනි පිඹින සැටි
© ෴දර්ශන විමුක්ති෴
වරම් නැත මට - හෙලන්නට තව සැනසුම් සුසුමන්....
වරම් නැත මට - හෙලන්නට තව
සැනසුම් සුසුමන්....
සෝ තැවුල් නම් - සදා නොමියෙන
උරුමයකි කදුලැල්....
හදේ අපමණ - පැතුම් පැතුවද
ජීවිතේ කදුලක්....
ඔහේ පාවෙන - ජීවිතේ ගැන
පසුතැවිලි හැම කල්....
© ෴දර්ශන විමුක්ති෴
සැනසුම් සුසුමන්....
සෝ තැවුල් නම් - සදා නොමියෙන
උරුමයකි කදුලැල්....
හදේ අපමණ - පැතුම් පැතුවද
ජීවිතේ කදුලක්....
ඔහේ පාවෙන - ජීවිතේ ගැන
පසුතැවිලි හැම කල්....
© ෴දර්ශන විමුක්ති෴
කොහෙදෝ ගිහින් අද නැත මවු සරස්වතී - by Akila Jayalath
කොහෙදෝ ගිහින් අද නැත මවු සරස්වතී
by Akila Jayalath
1- ගෝපී ක්‍රිෂ්ණා හුරතල් දෙවු පැටවු වෙතී
වස්දඬු රාවෙ මිහිරට දෙසවනට ............ලතී
වනමල් සපිරි වදුලේ දුව පැන............නටතී
සියළු සතුන්වෙත මෙත් කරුණා...........පාතී
2- පති භක්තියේ උත්තම ගුණ තවරා.....ඇතී
රාමා සීතා පැදි රසයෙන් මන..............පිරෙතී
කුලඟන වෙතට පත්තිනි දේවිය...........වඩිතී
පතිනිගේ පැලට සිරිදෙවුදුව සිරිය..........දෙතී
3- විෂ්ණු කතරගම නාමික මැවු...........රුවැතී
සම්‍යක් දෘෂ්ටියෙන් පිදුවොත් සැප.......ලබතී
මිත්‍යා සිහින සිත පැතුමන් දුකම............දෙතී
මනසින් උසස් සත්වයෝ සත්‍යය..........දකිතී
4- සමහර ඇත්තො උස්මන මත........වාඩිලතී
ලෞකික පැතුම් පිරි මනසින්..........වැඳ යදිතී
යථාවාදී මන පුබුදා....................ගතොත් නිතී
සැම දෙවි දේවතාවුන්................ඔවුනට වඳිතී
5- සර්ධා සිතින් සිත්තරු මැවු.......දෙවි රුවැතී
මිත්‍යා සිතින් තන්හාවෙන්..............වැළඳගතී
සත්‍යය හඳුනාගත් මිනිසුන්...........විරළ වෙතී
උස් වූ මනස් ඇති අය අඳුරට............නොයතී
6- නෙක නෙක වර්ණ ඇති මල් පළතුරු පුදතී
හඳුන් සැවැන්දරා දුම් දෙවොලේ.........පිරෙතී
භක්තිය දෙනෙත තුළ යාදින්නා............කියතී
ලෞකික ලොවේ තිර නැති දේ වැඳ.......යදිතී
7- යහගුණ මිනිස් හදවත්තුළ...........තිබුන එතී
කිම නැතිකලේ තන්හාවෙන්..........වෙළී ගැතී
සක්කාදිට්ඨියට මන ඉඩ දී.......................සිටිතී
එහෙවු කලට මේවන් යුග.................එළි දකිතී
8- කෝවිලෙ ගල් බිත්ති පුපුරා හැලී..........ඇතී
මකුළුවො රොත්ත විත් ඒ මත දැල්...........වියතී
ගෝපී ක්රිෂ්ණලා අද කැති ගා...................නසතී
කොටි දෙන වෙලා වෙඩි කෑවද............සරස්වතී
9- තන්හා රති රගා කවිබිම මත................රඟතී
කාසිය හොයන කෙටි කෙටි මං මවා..........දෙතී
විලිබිය නොසිඳි හෙළයේ ලියො සැඟව.......යතී
කොහෙදෝ ගිහින් අද නැත මවු...........සරස්වතී
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''2013.08.27
අකිල කිවිදුන් ලියූ කවක්
෴ සිතුවිලි පලස ෴
අවැසි නම් මේ සිහින බොඳ කර මගෙන් වෙන් වී යනු මැනේ
හිතේ කැටිකොට සැඟවුවද දුක
නෙත ට සඟවා ඉනු බැරි
කඳුළු කැටයක් නෙතින් විවරව
මිහිතලේ මත පතිත වී
චපල කම් තව කිමද මේ ලෙස
දරා සිත වාවනු බැරි
අවැසි නම් මේ සිහින බොඳ කර
මගෙන් වෙන් වී යනු මැනේ
෴දර්ශන෴
නෙත ට සඟවා ඉනු බැරි
කඳුළු කැටයක් නෙතින් විවරව
මිහිතලේ මත පතිත වී
චපල කම් තව කිමද මේ ලෙස
දරා සිත වාවනු බැරි
අවැසි නම් මේ සිහින බොඳ කර
මගෙන් වෙන් වී යනු මැනේ
෴දර්ශන෴
2013-08-19
෴ සිතුවිලි පලස ෴
නිසල දියමත නැගෙන පෙණ පිඩු
සුළං රැළි වැද නටයි වැටි වැටි
නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි
ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි
සිනා සරකින් නැගෙන මදහස
දෙතොල්පෙති මත රඟයි දිලි දිලි
දෙකම්මුල් මත සැදෙන සුළියක
නොකී රහසක් වීය බිඳි බිඳ
පාට මලකට ඇදෙන මී මැසි
කැලත විත් රඟ දෙමින් ඉගිලෙති
මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන
මල තලා රොන් ගනී මී මැසි
නිසල දියමත නැගෙන පෙණ පිඩු
සුළං රැළි වැද නටයි වැටි වැටි
නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි
ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි
සිනා සරකින් නැගෙන මදහස
දෙතොල්පෙති මත රඟයි දිලි දිලි
දෙකම්මුල් මත සැදෙන සුළියක
නොකී රහසක් වීය බිඳි බිඳ
පාට මලකට ඇදෙන මී මැසි
කැලත විත් රඟ දෙමින් ඉගිලෙති
මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන
මල තලා රොන් ගනී මී මැසි
2013-08-10
෴ සිතුවිලි පලස ෴
හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට......... .දවටමි
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන .........ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ..ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති .සරසමි
රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව....... පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස .......දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට .......දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ........ලංවෙමි
අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ ...............මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු ...............මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල .................මනරම්
එයින් විසිකුරු නුඹේ වතනම් ඇත්තටම ................මනරම්
හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට......... .දවටමි
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන .........ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ..ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති .සරසමි
රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව....... පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස .......දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට .......දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ........ලංවෙමි
අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ ...............මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු ...............මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල .................මනරම්
එයින් විසිකුරු නුඹේ වතනම් ඇත්තටම ................මනරම්
2013-08-03
2013-07-13
2013-07-10
Subscribe to:
Posts (Atom)