ShareThis

2013-05-31

බේබද්දාගේ විරහව


සරස්වතී...!!

සරස්වතී උඔ දෙයියෙක්
එක කකුලෙන් ජීවිතේ ගැට ගහන
අනිත් කකුල් කොටෙන් ගැට ලිහන
උඹ දෙයියෙක්.....

පාන්දර මහජන සම්පතේ
කෝටියේ මුල් තෑග්ග
රෝද තුනේ තියාගෙන
ගමක් ගමක් ගානේ පේ කර
වාසනාවන්තයාටම බෙදන
අනිත් උන් මඟහරින
සරස්වතී උඹ දෙයියෙක්...
අයියෙක් මල්ලියෙක් නැති පවුලෙ
උඹ දෙයියෙක්...

කනකරාජා කක්කුස්සි වලක
ජීවිතේ මුතු මැණික් ගරද්දී
උඹ මළපහ බේරලා චූ මුත්‍රා බේරලා
ලයිමට හීන් නූලෙ ගෙනාපු
තනි කකුලෙන් මධුසමය ගෙවපු
දිව්‍යාංගණාවී...කන්‍යාවී..

දූ පුතුන් රොත්තක්
රෝද තුනේ අතේ අතේ හයියෙන්
මහ දුරක් ගෙනාපු උඹ දෙයියෙක්

ආඬවනේ...

කණකා මලා
රෝද තුනේ අතක හයිය
අනෙක් අතෙන් පෙට්ටිය උස්සං
උඹ මහ ගිරි දඹේ හරි නඟයි

උඹ දෙයියෙක් සරස්වතී
උඹ දෙයියෙක්..

වාසි හූරන කාසිය වගේ
දෙපැත්තයි බං ජීවිතේ

උඹ දෙයියෙක්-පෙරළෙන පිටම නැග්ග.....!

-චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න-

අයිතිය !


2013-05-30

මොහොතකට පෙර......

෴ සිතුවිලි පලස ෴

විල් තෙරින් නිල් උපුල් කැකුළක සුගන්දය මල් රොනක් සේ
පිල් විදා හල සලා මුහුලස රඟයි ඈ මොනරියක් සේ
මල් වරා සිටි පුන් මදාරා ලං වෙලා තව සිසිලසේ
දැල් වෙනා පහනක සිලක් සේ නිතඹ රන් සලුවෙන් වැසේ

රන් හසුන් උන් බය වෙලාදෝ මන් බලා සිටියම හොරා
හැන්ගිලා උන්තැනින් තව තව මතු කලා දෝ රස නුරා
නින් නදක් සේ හඬ සිහිල් දොල දියක් සේ සුවපත් කරා
මන් වෙලා මත් කලා අසුරක් දුන්නු රස කලතා පෙරා

සත් සියක් තරු පීදෙනා යුරු නිල් නුවන් කැන් පායලා
පත් සලා සිය අහුරු මුතු කැට රූරමින් පිට තෙත් කලා
ගත් නිසා සිත අමාවක සඳ අපට ඉඩදී හැන්ගිලා
පත් මයකි සයනයම පිබිදුන එහෙත් ඇත මා තව බලා....... 

මේ .....සමුගැනීමේ ඇරඹුමයි - by Indika Gunawardena

මේ .....සමුගැනීමේ ඇරඹුමයි

මේ .....
සමුගැනීමේ ඇරඹුමයි
ඇසේ සිරගත වූ
කඳුළු නිදහස ලබනා
සිතේ සිරවූ
සුසුම් අත්තටු ගසනා
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

කාලයේ සැඩ සුළගින්
හදේ දැල්වුණු පහන් එළි නිවිලා
ඝණඳුරේ පේ‍්‍රමය සොයා යන
නිරර්ථක ගමනේ
නිමාවක ඇරඹුම මේ
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

ශීත කාලය එළඹී
හදේ උණුසුම් හැගුම් ගොළුකරලා
උණුසුමක් සීතෙන් සොයා යන
නිරර්ථක ගමනේ
නිමාවක ඇරඹුම මේ
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

Indika Gunawardena

කාන්තාරයේ කුසුම.....!

කාන්තාරයේ කුසුම.....!

රුවින් ගුණෙන්
හෙබි
වැලි කතරක
සුපිපුණ
කුසුමකි ..... මා
සමනල පහසක්
නොලබපු,
රිදවුවද කම්නැත,
පෙති තැලුවද
කම්නැත,
බමරෙක්වත්
පැමිණ, රොන් ගෙන.

^සූ

2013-05-28

පොරුවට කැන්දා - මල්ලේ සායම් කුමටද මන්දා

පෝරුවට කැන්දා
මුදු මාල පලන්දා
සුදු සේල ද අන්දා
නැකතට කැන්දා
ගෙනයමි බන්දා

මල්ලේ
සායම් 
කුමටද මන්දා

by Darshana Wimukthi

2013-05-27

සුදිය..


එකෝමත් එක දිනයක..
චතුරශ්‍රයේ, ටොරින්ටන් ..
බිම ඉඳගන..
මු දුටුවා !

මඟුලක් වගේ ..
සෙනඟ ඇවිත් බලා උන්න..

සුදිය..


සුදු කපුටා !


HasikisoM..

පිය සමර


2013-05-26

වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ|

හබුං කටයි - බත් දෙකටයි
බෝක්කු කටයි - පුතා නිදයි

කොහෙද පුතේ අම්ම ගියේ - පුතු හඬවා යන්න ගියේ
නෑවිත් යළි ඉන්න ගියේ - කිරි අරගෙන යන්න ගියේ

මවු කුසයෙන් උපන්නියා - මවු නොදැකම හඬන්නියා
ලේ කිරිකර පොවන්නියා - ලොවට බයේ දුවන්නියා

පාර උඩින් බස් යනවා - අපේ පුතා නිදියනවා
පාර යටින් දිය එනවා - මව් සෙනෙහස දියවෙනවා

දොයි දොයි දොයි දොයිය බබා - අම්මා පැන ගියපු බබා
දොයි දොයි දොයි දොයිය බබා - අප්පා පැන ගියපු බබා

හබුං කටයි - බත් දෙකටයි
බෝක්කු කටයි - පුතා නිදයි.

වෙසක්!

පෙරදා සවස
නෙක නෙක වර්ණයෙන් සැරසුණු
අටපට්ටම
මිදුලේ වැලක එල්ලී හිඳී
වර්ණවත් රුධිරය
සව්කොළ මාංශය
මහ වැස්සකට දන්දී
අනිත්‍ය මෙනෙහි කරමින්

සංසාරය දවමින්
පහන් තැටියක්
සෙලවෙන සිතක්
ඔසවාන

කළු වළා අතරින් එබීගෙන
ආලෝක පූජාවක
වෙසක් සඳ
අද මදක් වියපත්ව

වෙසක් බලමින් යති
තරුණ ජෝඩු
සාධුකාර දෙති
මැදිවිය ඉක්මවූ ගැහැණු

ඩුම් ඩුම් හඬට
දන්සැලක
උඩ පනින කොලු ගැටව්
ආලවක වෙස් ගෙන

නාලාගිරි ඇතුන්
නාද කරමින් යති
මග දිගට
බුදුරදුන් නිසසලව වැඩහිදී.