ShareThis

2013-05-30

මේ .....සමුගැනීමේ ඇරඹුමයි - by Indika Gunawardena

මේ .....සමුගැනීමේ ඇරඹුමයි

මේ .....
සමුගැනීමේ ඇරඹුමයි
ඇසේ සිරගත වූ
කඳුළු නිදහස ලබනා
සිතේ සිරවූ
සුසුම් අත්තටු ගසනා
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

කාලයේ සැඩ සුළගින්
හදේ දැල්වුණු පහන් එළි නිවිලා
ඝණඳුරේ පේ‍්‍රමය සොයා යන
නිරර්ථක ගමනේ
නිමාවක ඇරඹුම මේ
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

ශීත කාලය එළඹී
හදේ උණුසුම් හැගුම් ගොළුකරලා
උණුසුමක් සීතෙන් සොයා යන
නිරර්ථක ගමනේ
නිමාවක ඇරඹුම මේ
මේ .....
සමුගැනීමේ ඇරඹුමයි

Indika Gunawardena

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.