ShareThis

2013-07-03

ලකර ළඳුනි.........


සවන් මිණිකොඬොල් පළඳින
නුවන් නිලුපුලෙව් බබළන
පවන් සලන ඝන චාමර
මේඝය වරලස්
නළල් සදිසි, දුල් සඳකඩ
සිහින් ළසඳ මුව මදහස
ලෙවන් තුළ උදුල රණ ලිය
සෙරෙහි සදිසි මන්,
දිමුතු දසන් පෙති සිප එන
වදන් මී පුරන දෙසවන
බලන් නෙතඟ බැල්මට
නොවනා කවුරුන් ලොල්
තබන පා හසෙකි තාලෙට
ගමන නාරජෙකි සෝබන
කියනු කෙලෙස වනමුද ලොව
ලකර පිය දසුන්.

^සූ
Like ·

2013-06-26

කිරි කඳුළු - රුක්ෂිලා වෙත්තමුණි


සොහොන හන්දිය - 1


අපේ ගෙදරට යන පාර තිබුනේ ගමේ සොහොන් පිටිය ලඟින්, ඇත්තම කිව්වොත් ශොර්ට්ම කට් එක තිබ්බේ සොහොන් පිටිය මැදින්.. හවස හයෙන් පස්සේ ඕක මැද්දෙන් ගියොත් ඉතින් ඩෝප් කාරයෙක්, නැත්නම් සතෙක් සිව්පාවෙක්, නැත්නම් ලොකු හදිස්සියකට දුවන හිත හයිය එකෙක්..
කාලෙක ඉඳන් රාත්‍රී කාලෙ එක එක දේවල් ඔතන උනා කියලා කට කතා තියෙනවා... ඇවිදින මලමිණී එහෙම දැකපු උදවියත් හිටියා, වැඩේ කියන්නේ බය වෙන එකා එතනම සිහි නැති වෙලා වැටෙනවා.. ඊට පස්සේ ඌට සිහිය ගත්තේ අහල ගම් හතේම නම් දරා සිටි මණි කට්ටාඬියා කියන ගුරුන්නන්සේ..
ගාල්ලේ කරණ්දෙනිය අවට කරක් ගහපු කෙනෙක් ඉන්නවා නම් උන්දෑ ගැන අහලා ඇහි... ඉතින් සිහිය ආවට පස්සේ ඌට උන් හිටි තැන් මතක නෑ. ඉතින් කොහෙද වෙච්චි දෙයක් දැනගන්නේ..
ඒලෙවල් කරන කාලේ ගෙදරට හොරා වල බහින එක සාමාන්‍ය දෙයක්, ඉතින් ඔහොම කොහේ හරි ගුබ්බෑයමක රින්ගුවාට පස්සේ රෑ වෙන්න කලින් ගෙදර යනවා බොරු.. අන්තිම බින්දුව දක්වාම සටන් කරලා තමයි එන්න වෙන්නේ..
කට්ටියම ෆුට් බයිසිකලෙන් තමයි ගමන.. හෙල්මට් ඕනේ නෑ, ලයිසන් ඕනේ නෑ, වැඩිපුර මගීන් පටවන් ගියා කියලා දඩ ගහන්නේ නෑ...
ඔය කොහේ යන අතරවාරෙ පැච් එකක්, චේන් එක කැඩීමක් වගේ අබැද්දියක් උනොත් තමයි අවුල..
ඉතින් ඔහොම පත වලක බැහැපු දවසක මල් බඩියවත් දාගෙන මම ගෙදර එන්න පිටත් උනා.. මල් බඩියා බහින්නේ හරියටම සොහොන හන්දියෙන්.. ඌ එතනින් පහල පාරේ ටිකක් දුර පයින් යනවා.. යාලු ෆිට් එකට කියලා ඌව ගෙදරටම ඇරලවන ජාතියේ එකෙක් නෙමෙයි මම. එහෙම කරන එක හරි නැහැනේ..
පිටත් උන වෙලේ ඉඳන් දෙන්නා තරඟෙට නයි ඇර ඇර තමයි ආවේ..
පාරෙත් හරියට වන්ගු, වලවල්, වෙනදා වගේ නෙමෙයි...
ඔය කලින් කිව්ව සොහොන හන්දියට කලින් තිබ්බා ලොකු කන්දක්.. බාගේ අල්ලුවේ නැත්නම් තනියම පාගන්න අමාරුයි..

තනියම පාගලා බැරිම තැන මම බඩියාගෙන් ඇහුවා,

බඩියෝ මේ, තෝව දාගෙන මට කන්දු අදින්න බෑ.. තෝ බාගේ අල්ලනවද නැත්නම් බැහැලා පයින් යනවද..

බඩියා: දෙවනි ඔප්ශන් එක හොඳයි නේද..

මම: නොදකින්, තෝත් මටම හරියන එකා බොල, යම එහෙනම්, හැබැයි උඹ බාගයක් දුර පුටාර් එක තල්ලු කරන් යන්නඕනේ..

බඩියා: හරි හරි යම හු*** මට අද හොඳටම බඩු, ගෙදරට යන්න කලින් බස්සගන්නත් ඕනේ.. ගිය සතියෙත් අම්මට මාට්ටු වෙන්න ගිහින් යන්තම් වන්ගුවක් දාලා බේරුනා..

දවසේ සිදුවුන එක එක ඉස්පෙශල් දේවල් කතා කර කර අපි දෙන්නා කන්ද නැගගෙන ආවා... මගදි බඩියාට බයිසිකලේ දෙන්න අමතක කලේ නෑ.. අපි එහෙමයි..

මම: බඩියෝ අද දවසේ කෑල්ල කව්ද බන්... මන් හිතන්නේ ටෙශාහි..

බඩියා: පිස්සුඩ ඕයි ඒ වගේද අස්පරා...

මම: අස්පරා නෙමෙයි ඕයි අප්සරා.. තොට බඩුද...

බඩියා: හරි ඕයි මොක හරි, ඒක තමයි ඕයි අද සුපිරියටම බැහැලා හිටියේ..

අපේ සෙට් එක අතර තිබුනා එක එක ආතල් වැඩ, ඔයින් එකක් තමයි දවසේ කෑල්ල තේරීම...

දැන් තම්යි කතාවේ හොඳම හරියට සෙට් වෙන්නේ..

කන්ද උඩින් බයික් එකට නැගලා, නිව්ටල් එකේ ආවා පල්ලම දිගේ... පාරේ වලවල් හාරලා තියෙන්නේ හරියට පොල් පැල හිටවන්න වගේ.. අපරාදේ කියන්න බෑ එකක් නෑරම බයික් එක දාන්න තරම් මගේ ඩ්‍රයිවින් හොඳයි...

සොහොන හන්දිය ලඟින් මම බඩියාව හැලුවා,

මේ ටික පයින් පල, බලපිය තොගේ බඩත් ඇවිල්ලා.. ඕක බහින්නත් එක්ක පයින් යන එක හොඳයි..

බඩියා: පල පල නරියා.. මේ පරිස්සමෙන් පල, මේ වෙලාවට මෝහිනී එහෙමත් ඇති උඹත් එක්ක බයික් එකේ රව්මක් යන්න බලාගෙන...

මම: හරි හරි මම ඒක බලාගන්නම් උඹ පරිස්සමෙන් පලයන්කො, එහෙනම් හෙට උදේ මෙතනදිම සෙට් වෙමු.. ජය..

බඩියා: ජය

පහක් එහෙම දාල, පොඩි හග් එකක් එහෙම දීලා බඩියා යන්න පිටත් උනා.

ඌ අන්තිමට කිව්ව කතාව ගනන් නොගත්තා වගේ හිටියට, මට ඒක නොදැනුනාම නෙමෙයි..

මම ටිකක් ඉඳලා කල්පනාකලේ, සොහොන මැද්දෙන් ගියොත් ලඟයි, අනිත් පාරෙන් යනවට වඩා... සයිමා උන්දෑ නම් දැන් සුදු ඒවාගෙන් දෙකක් දාගෙන හොඳහැටි බුදි ඇති...

සයිම කිව්වේ සොහොන් පිටිය බලාකියාගෙන, වලක් කපාගෙන, ඒ හම්බෙන මුදලින් ගමේ ඉස්පෙශල් ශොට් එකක් දාගෙන උන්න මනුස්සයෙක්..

ඕන මගුලක් කියලා මම සොහොන මැද්දෙන් යන්න පිටත් උනා, වෙරි බහින්නත් එක්ක මම පුටාර් එක තල්ලු කරන් තමයි ගියේ...

2013-06-25

ආදරය

෴ සිතුවිලි පලස ෴

මාර්ග කම්කරුවාගේ ප්‍රේමය

බුල්ඩෝසර්,ජේ සී බී අලි ඇත්තු
කලුගල් කඩන මහ බල ඇති යකඩැත්තු
ඉහිරන කෑලි ඇහිදින අපි මනු සත්තූ
ඔපලන පොළව පාගනවා පිංවත්තූ

පාවඩ පලස අතුරන්නට ඇලට මැදින්
වාරම අදින්නට කම්බිය නවා තදින්
මාවර කපා පාදා මඩ කඩති මැදින්
පාවර එලන්නට අවසර අපිත් ලදින්

දියරැළි ළෙලදෙනායුරු ඇල මහත් තදින්
කුසරැළි සමඟ සසඳන්නට හැකිද ඉඳින්
හසරැළි මිතුරු නැත කුසගිනි දැනී තදින්
මැසිවිළි පමණි සැනසිලි නැත මිහිරි නදින්

අත සියුමැලිද නැත සියුමැලි ගත සිඹින
වත හෙල්මැළිද නැත මුකුලිත වත මවන
ලත විලි මිසක අනෙකක්නැහැ දැක නුවන
සිත පත පතා ලතවෙමි දැක නුඹ උවන

ට්‍රැක්ටර් බඳක බැඳි ටේලර් කොනක හිඳ
එහෙ මෙහෙ දුවයි කෙලෙසක වාවම්ද අද
ඩෝසර් නියඟ පටලා රළු පරළු හද
පාරට දමා තලනෙමි මම නොවී වද.

|චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

2013-06-23

෴ සිතුවිලි පලස ෴




මල් පිරුණු ඇහැළ ගහ වටකරන් කහපාට මල් අදත් වැව රවුමෙ පිපෙනවා
බොඳ වේචිචි මීදුමක් ඇවිත් හිමිහිට හොරෙන් ලතාවට මහ පොළොව සිඹිනවා
සීරුවෙන් පායාපු හඳ එළීය මැදි කරන් තරු රෑන දිලි දිලි නිවෙනවා
කොහොම ඔබ කියූවත් මගේ හිත ගැබ්බරයි ඒ නමින් සෙනෙහෙ මල් පිපෙනවා

පාලු රෑ පුරාවට සඳ තරුත් මැදි කරන් ජීවිතය හෙමි හෙමින් ගෙවෙනවා
දුහුල් සළු තිර මතින් ඇවිත් නල ගැටි ගැටී මගේ හිත සුසුමකින් තෙමනවා
රාත්‍රිය අදුරකින් වැසී ඇති වෙලාවට සුරඟනන් පෙම් කතා කියනවා
ඒ කතා අහන්නට අනේ නුඹ හිටියනම් මට මෙහෙම දුකක් නැහැ සිතෙනවා

පින් පිරුණු ආත්මය හොවාගෙන පපු තුලම උණුසුමින් මගේ හිත තෙමනවා
නෙත් පියන්නට බයයි හීනෙකින් ඔබ ඇවිත් ඇහැරවන බවක් තව දැනෙනවා
මේ සොඳුරු රැය පුරා නෙතු අසල දැවටිලා ඔබ ඇතැයි ඔබ ඇතැයි හැඟෙනවා
මේ හීන මල් පොකුර විකසිතව හිනැහෙනා දිනය කවදද කියා හිතෙනවා

෴ සිතුවිලි පලස ෴



අදත් හෙට වාගේම සඳ එළිය දිලෙනවා
තරු පොකුරු හිනැහිලා සඳ වටා එතෙනවා
ඔබේ ඔය මුව වඬල සතුට මට ගෙනෙනවා
ඒ සතුට පපුකුහර තුල කිඳා        බසිනවා

හේමන්තයේ දිනක විකසිතවූ රාත්‍රිය
සුවඳගෙන දස අතේ හමා යයි මාරුතය
හැපි හැපී බිඳෙනවිට සිහින ගෙන ජීවිතය
ඇසිල්ලෙන් අවදිවෙමි දෑස් හැරි ඉසිඹුවක

නා දෙතොල් පෙති අතර ගිලිහිලා ගිය වදන්
එකෙනෙහිම හදවතේ එක් කොනෙක සිරකරන්
විඳින්නෙමි ආදරය අපමණවූ සිත් තොසින්
පිපෙන්නට පෙර කැකුළු ආදරේ නාමයෙන්
෴ සිතුවිලි පලස




පොසොන් සඳ දකින්නට 
ආසයි ලස්සනට හිනැහිලා
ඒ එළිය අරන් හඳපානේ
ඇවිදින්න එක්වෙලා

සියපතක් පිපි විලක 
බමරතෙම මත්වෙලා
විලෙහි රන්දිය රැල්ල
සුසුම්ලයි හඬනොගා

කුඩුවක රැළි නගන
සරින් කුලමත් වෙලා
පාව යයි දස අතේ
මාරුතේ වෙලීලා

සඳ කිඳුරියේ නුඹත්
කිමද අද තනිවෙලා
යනවාද හොරෙන් විත්

ගං දියේ සැඟවිලා

2013-06-19

අනේ තොපි මව් කුසින් ඉපදුණ එවුන්දැයි මා නොදන්නා


පිපෙන්නට ඇති පොහොට්ටුව මල්
ලොවට ලස්සන ගෙනෙන්නා
බලෙන් පුප්පන් කරන කෙලියෙන්
ලොවේ සුන්දර මැකෙන්නා

එකින් එක මල් පෙතිද දිග හැර
පොහොට්ටුය පුප්පවන්නා
රේණු කපලා මල ද කැත කර
පෙති වසා මල මසන්නා

අනේ අයියෝ වේදනාවෙන්
මල ද කදුලක් සලන්නා
අනේ තොපි මව් කුසින් ඉපදුණ
එවුන්දැයි මා නොදන්නා

෴ සිතුවිලි පලස ෴_____෴ දර්ශන විමුක්ති ෴ 

2013-06-18

෴ සිතුවිලි පලස ෴

සබඳ අපි ඇවිද යමු
මේ නුහුරු මාවතේ
මුණගැසෙන තුරු තවත්
පෙම්වතුන් මේ වගේ...

ඉර එළිය වැටෙනතුරු
හිම කැටිති දියවගොස්
අතින් අත පටලවා
සිනාසෙමු සිත් ලෙසින්...

රෑ අහසේ තරු කැලත
දිලී බබලන විටෙක
සඳ එළිය සොයා ගොස්
ගතු කියමු සීරුවට...

නුබ ගැබේ වළාකුළු
කැටිති ලෙස පෙල ගැසී
වැහි බිංදුවක් ලෙසින්
පාත්වන තුරු බිමට....

මල් පිපී සුවඳ දෙන
හිමිදිරියෙ ඇවිදයමු
මේ පාළු මාවතේ
එළිය දකිනා රිසින..

බිම් කරුවල වැටීල
අඳුරකින් වැසෙන කොට
සුසුම්ලමු එක්වෙලා
අතීතය ගැන තවම...

මේ තරම් දුර උනත්
යන්න ඇති දුර අපට
යා යුතුය නොනැවතී
ඉසිඹුවක් ලබන්නට..

හීනයක දැවටිලා
සොඳුරුවූ දිගහැරුම
එනතුරා බලාඉමු
දුකක් නැහැ නොවැ සිතට.

2013-06-14

මඟබලා හිදිමි නුම මම එනතුරා

වළාකුළු මල් පෙති වලින්
වසා නෙතු නිල් නුවන්
මඟබලා හිදිමි මම
නුඹේ නෙතු එනතුරා

කඳුළු මල්  කලතා හිතින්
මතක පැන්දිය ගෙන‘තින්
දොවා හද මඩල මම
ඉකිගසමි අද පාරවා

හද අසිනි වැසි ඇද වැටි
සඳ දියට දුක හාදු දි
පෙම් නදිය දොගාඩම ගලයි
තුන් සිතම අද ඉරිතලා

2013-06-11

අහිමි උණුහුම…………



වහිනවට මං හරි ආසයි, ඒ වැස්සෙ හඬ මට පුදුම තරම් සුන්දරත්වයක් හිතට අරගෙන එන්නෙ, වෙනදට මං වහිනකොට ඇස්දෙක පියාගෙන මුළු හදින්ම වැස්ස එක්ක අවනතවෙලා සංගීතයක් වගේ දැනෙන ඒ හඬට සවන්දෙනව.. පුදුම සතුටක් සැහැල්ලුවක් හිහට දැනෙන්නෙ. ඒත් ඒ සතුට සැහැල්ලුව මගේ හිතින් යන්න ගිහිල්ල . දෙනොදාහක් ගැවසුණ කුරු‍ටු මතක ඉතිරි කරල ගිය හොස්ටල් කාමරේ, කවදාවත් මට තනියක් නොදැනුණ කාමරේ, මහා මූසලම මූසල පාලුවකින් පිරිල. හිතට දැනෙන වේදනාව තවතවත් හන්තානෙ හීතල වැඩිකරනවා. මේ සරසවිය පුරාවටම ඔයා මට ඉතිරි කරපු මත , බලන බලන තැන මාව අරගෙන යන්නෙ ඔයාගෙ ළඟටමයි. ඒ මතක තව තවත් මාව වේදනාවේ පතුළටම ඇදගෙන යනවා. මම ඉවසගන්නම බැරිතැන දිගට වැවිල තිබ්බ කොණ්ඩෙ වැරෙන් ඇදගෙන ඇදගෙන ගියා. ඇ‍ඳෙන් නැගිටල ගිහින් පුළුවන් තරම් හයියෙන් කාම්රේ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා, නිලංකාරවෙන දෑස් අතරෙත් මට මැවිල පේන්නෙ ඔයාගෙ රූපෙමයි, ඒත් මං තව තවත් ඔලුව බිත්තියෙ හප්පගෙන ගියෙ මුළු හොස්ටල් එකම දෙදරන්න. ඒ එක්කම මට වාරු නැතිව එහෙමම බිම ඉන්දවුණා... ඔලුව පුපුරු ගහද්දි එලියෙ වැස්ස වගේම සැරට ඇස් දෙකෙන් කඳුළු කඩන් වැ‍ටුණ. මට ඒත් වේදනාවක් දැනුණෙ නෑ ඊට වඩා මගේ හිතේ තිබ්බ ගින්දර ගිනි කඳක් වගෙ ඉහලට මතුවෙමින් මාව ගිලගනිමින් තිබුණ , මේ සේරම මගේ වැ‍රැද්ද........... මං ආයාසයෙන් නැගිටල අමාරුවෙන් ඇඳට නැගල ඉඳගත්ත.... දැස්දෙකේ පිරෙන කඳුළු කම්මුල් දිගේ ගලාගෙන හැලුණා .. ඒ කඳුළු වල මට දැනෙන්නෙත් ඔයාගෙ උණුහුම. වැඩිවෙන වේදනාවත් එක්කම මං තදකරල ඇස්දෙක පියාගත්ත..
පුංචි රතු මල් වැටිච්චි සුදුපාට චීත්ත ගවුම ඇඳල කොණ්ඩ කරල් දෙකක් ගොතල, බාට සෙරෙප්පු දෙක දාගෙන ෆයිල් කවරෙ පපුවට තුරුළුකරගෙන බයෙන් බයෙන් බිම බලාගෙන අනිත් ෆ්‍රෙෂාලත් එක්ක ඔයා ආපු හැටි අදවගේම මට තාම මතකයි.. ඒ ලතාවට බැඳුණු හිත අපිව කොයිතරම් දුර මේසරසවියෙ පුරාවට අරගෙන ගියාද, ඔයා එක්ක ගෙවපු දවස පැය , විනාඩි තත්පර දසදහස් ගණනක් මේ පරිසරය එකතු කරන්න ඇති. මුළු නුවරම සුවඳ කරපු පුන්චි මැණිකෙ මගේ ජීවිතෙට සුවඳ වෙන්න ගත්තෙ එතැන ඉඳල..
මගේ මේ ජීවිතේ පුරාවටම මාව කියවපු එකම කෙනා ඔයා, මාව මෙල්ල කරන්න මාව හිරකරගන්න , කොටින්ම කිව්වොත් මාව පාලනය කරන්න පුළුවන් වෙච්චි එකම කෙනා ඔයා, මං කොයිතරම් ඒකට අකමැත්ත පෙන්නුවත් මං ඇත්තටම ඒකට ගොඩාක් ආසා කළා. ආදරේ කළා. මං තනිව, ඒ ඔයාගෙ ආදරේ අස්සෙ හිරවෙන්න හිතයටින් ගොඩාක් ආසා කළා. කැම්පස් එකේ ශිෂ්‍ය සංගමයේ කොයිතරම් වැඩ තිබුණත් මට ඔයා හම්බවෙන්න ඔයාට ආදරේ කරන්න මට ඕන තරම් වෙලාව තිබ්බ, මම කොහෝම හරි ඒ වෙලාව හොයාගත්ත. ඔයා මාව කොයිතරම් කියෙව්වද කියනවනම් මගේ පුංචි වෙනස් කමක් පවා තේරුම් ගත්ත මගේ ජීවිතෙ මන් ජීවත් වෙන විදිය , ආස්සරේ කරන අයගැන පවා ඔයා හොඳ අවබෝධෙකින් හිටිය, ඒ වගේම මම කොයි තරම් ඔයාට ආදරේද කියන එකත් ඔයා හොඳාකාරවම දැනගෙන හිටිය. ඒත්...ඒත් අන්තිමට මම කියපු දේ ඔයාට තේරුම් ගන්න බැරිවුණේ ඇයි කියන්න මට තේරෙන්නෙ නෑ. මගෙන් ඔයාට ඒ ඇර කිසිම වරදක් මේ අවුරුදු තුනට ම වෙලා නෑ මගෙ රත්තරං.. ඔයා හොඳටම දැනගෙන හිටිය අචිනි මගේ ඇඟේ එල්ලෙන්න දඟලපු බව, ඔයා එදා ලෙක්චර්ස් ඉවර වේලා එනකන් මං බලන් හිටියෙ, අචිනි ඇවිත් බලෙන්ම මගේ අතින් ඇදගෙන වලේ කැන්ටිමට එක්කගෙන ගියේ.... ඒක ඔයා දැක්ක බව මාත් දැක්ක ....

"
හෙලෝ ....පබාස්වරී.......... මට ඔයාව හම්බ වෙන්න ඕනෙ අක්බාර් පාලම ළඟට එන්න"

ඇයි අයියෙ කියල ඔයා බයෙන් වගේ ඇහුවෙ ඔයා දන්නව මම ඔයාට මුළු නම කියල කතා කරන්නෙ නෑ කියල..

"
දැන්ද අයියෙ මට ලෙච්චර් එකක් තියෙනවනෙ, හතරට තව විනාඩි දහයයි තියෙන්නෙ"

'
ඒ වුණාට කමක් නෑ දැන්ම එන්න මම එතන්ට යනගමන් වැදගත් දෙයක් තියෙනව කියන්න"

"
හරි මම එන්නම්"

මුළු හන්තානටම උඩින් මහා කලු වලාකුළක් පැතිරිලා වෙනදා නොතිබුණ ඇඳිරියක් වැහිවලාවත් එක්ක අවිල්ල වගේ... විටින් විට වැටෙන තුහීන මගේ මුළු ඇඟම හිරිවට්ටල.. අක්බාර් පාලමට යටින් ගලාගෙන යන බොරපාට මහවැලි ගං දිය දිහා මං විටින් විට බැලුවෙ පබා එනවද කියල සැරින් සැරේ බලන ගමන්. අද නම් ගඟේ වතුර සැරවැඩී උඩහට වැහැල වෙන්න ඇති කියල හිතන ගමන් මං ආයෙ පාරදිහා බැලුව, ඔයාගෙ ලස්සන රූපෙ ජීවිතේ ආදරේ කියාදීපු ඒ රූපෙ හෙමින් හෙමින් මා දෙසට ආව, ඔයා ලං වෙද්දි බොරූ බැරෑරුම් පෙනුමක් මවාගෙන මම අමනාපෙන් වගේ හිටිය.

"
සුදු අයියෙ ඇයි මේ "

වැඩිය කතාකරන්න වෙලා නෑ අපි මෙ සම්බන්දෙ නවත්තන්න ඕනෙ .... ඔයා දන්නවනෙ අචිනි ..

"
අචිනි ''

"
ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ " කියල හිනාවෙන ගමන් මං අනික් පැත්ත හැරුණ.

මං හිතුව ඔයා පැනපු ගමන් මාව බදාගනී කියල ඒත් එහෙම නොවුණ නිසා අනික් පැත්ත හැරිල බලද්දි තමයි දැක්කෙ ඔයා දුවගෙන යන්ව....

පබා................... පබා ................... මලකෙලියයි.....

''
හන්තානට පායන.............." හෙලෝ දුමිය............

"
මචං සුධාර දැම්ම පොළොන්නරුවට වරෙන් 5.00 හදිසි මීටින් එකක් ගන්නව"

"
මචං මේ මං පබාට පොඩි විහිළුවක් කළා ඒකි අඬාගෙන දිව්වනෙ බං. මං පබාව බලල දුවල එන්නද"

"
මේ ඕක ෂේප් කරගන්න පුළුවන්නෙ බං, මලාවට ඕක උඹව දාලයන්නෙ නෑ. උඹ වරෙන් මීටින් එක ඉවර වෙලා මාත් එන්නම් උඹත් එක්ක යන්න. කොහොමත් ඕකි උඹ එනකන් ඉන්නවනෙ ගෙදර යන්න.."

"
හරි හිටපන් මං එන්නම් එහෙනම් "

**************

"
දුමියා පබාගෙ ෆෝන් එකවැඩ නෑ මචං "

"
ශුවර් එකට මලට ඕකි අද තනියෙම ගෙදර යන්නැති"

"
ගෙදරට කතා කරන්නත් බෑනෙ බං"

ඔයාගෙ තොරතුරක් නැතිව ගෙවිච්ච ඒ රාත්‍රිය කොයිතරරම් දිගවුණාද කියල මම දන්නෙ නෑ. එක දිගට මුළු රෑම වහිනවා හරියට ඔයාට දීපු ගින්දරට අහසට දුක හිතිල අඬනව වගේ. මං ඔයාට කරපු විහිළුව නිසා ඔයා කොයිතරම් වේදනාවෙන් ඇතිද කියල හිතෙන වාරයක් පාසා මං මටම දොස් කියාගත්ත. මට නින්ද යන්න ඇත්තෙ එලිවෙන්න කිට්‍ටුව ඒ වෙලාවවත් මට මතක තිබුණෙ නැහැ.. උදේම මම ඔයාව හම්බවෙලා සමාවගන්න හිතාගෙන හිටියෙ. මට සමාවෙන්න පබා නංගි. මං හිතින් සිය දහස් වාරයක් එහෙම කිව්ව. මට එකපාරටම ඇහැරුණේ ෆෝන් එක රින්ග් වෙන හඬට. මං ගැස්සිලා ඇහැරුණේ ඔයා වෙන්න ඇති කියල හිතලා.....

දුමියා.........

"
නොදකිං යකෝ මං හිතුවෙ පබා කියල...දුමියා කියපන් මං රූම් එකේ බං උදෙන්ම පබා හම්බෙන්න යන්න හිටියෙ නින්ද ගියා දන්නෙනම නැතිව... "

"
සුධාර මචං පබා ඉන්නව.... උඹට දෙන්න ලියුමක් තියල.... ඉක්මනට lovers lane එකේ දං යාය ගාවට වරෙන් මං එතන...."

ලියුමක් තියල.....?

************************

ඊයෙ ඉඳල වෙච්ච සිදුවීම් එක පෙළට චිත්‍ර පටයක් වගේ මැවිල පේනව. මං නිදාගෙන ඉන්න ගමන්ම මගේ ඔළුව අත ගෑව ඔළුව හොඳටම ගෙඩි ගැහිල, ඔයාට මාවදාල යන්න මේක මෙතරම් බරපතල හේතුවක් වෙයි කියල මං හිතුවෙනෑ. මුළු සරසවි බිමම එකම මතක ගොඩක්. ඔයා නැති මේ ජීවිතේ මං කොහොමද තනියෙන් ජීවත් වෙන්නෙ මගෙ රත්තරං දරුවා.. ඇයි මෙච්චර ලොකු දඬුවමක් මට අදුන්නෙ.. මම ආයෙත් වතාවක් වෙගයෙන් ඇඳ විට්ටමේ ඔළුව හප්පගත්ත........


..............
හන්තානට පායන සඳ....... ආයෙත් ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත....

"
දුමිය"

"
සුධාර පොස්ට් මොර්ටෙම් එක ඉවරයි .. පබාගෙ බොඩි එක තව පැයකින් විතර එලියට දෙනව කිව්ව... උඹ ලෑස්තිවෙලා ඉඳපන් මම උඹව ගන්න එන්නම්..."

බොඳ වෙච්චි දෑසින් ජනේලයෙන් එහා පෙනෙන හන්තාන දෙස මම බලං හිටිය. වෙනදා සුන්දරත්වය හන්තානෙ අද නෑ ලොකු කලු වලාකුළකින් හන්තානෙම වසාගෙන. හිස් බැල්මෙන් යු ඒ දිහාම බලාගෙන ඉඳිද්දි මං ඒ කළු වලාකුළ අතර අතරමං වෙලාවගේ කළුපාට මගෙ මුළු ජීවිතයම වසාගත්ත....

අදත් එදා වගේම මං
හන්තානේ හීතලේට
තුරුලු කරන්
ඔබෙ මතකය
බඩගාන ගස් ගාව
තවම මග බලන් ඉන්නව

පුදුම හතෙන් එකක් වෙච්චි
අක්බාර් පාළම ළඟ
හැමදාම හවසට මම
තවමත් මග බලන් ඉන්නව.....

ඒ වෙලාවෙ ඒතනදි මට
ඔබේ ඇ‍ඟෙන් වහනය වුණ
පිච්ච විලවුන් සුවඳ
තවමත් හොඳටම දැනෙනව..........

සම්බන්ධය නවත්වන්න
ඕන කිව්වෙ විහිළුවටයි
එහෙම කියල අනෙක් පැත්ත
හරිලා මම හිනත් උණා........

මගේ පුංචි විහිළුවකට
තරහ වෙලා මාත් එක්ක
ගියවෙලාවෙ හිතුනෙම නෑ
ආයෙ ඔයා නේවි කියල....

මුලු දවසෙම සරසවියෙදි
දැක්කෙම නැති හින්ද ඔයා
හැම දාකම ඔබ එන මග
බලන් හිටිය පාළම උඩ........

පුංචි අකුරු වලින් ලියපු
ලියුම එක්ක රෝස කුසුම
දැක්කේ මම යලි යන්නට
හදනකොටයි, පාළම උඩ........

හන්තානේ බොල් පින්නට
දිමුතු වදන් බොඳ වීලා
මට නොදැනිම රෝස කුසුම
ඒවනවිට පරවීලා.....

"
සුදු අයියෙ ඔබ නැතිව
පලක් නෑ මට ඉඳල
මම ඉතින් යමි යන්න
ඔබෙ ලොවට සමු දීල"

මේ සදාදර,
පබා නංගි......

...................................................

අනේ තුන් හිතකවත්
ඒවගේ අදහසක්
තිබ්බෙ නෑ නංගියේ
විහිළුවට කිව්වෙ මං.......

මුළු දවසෙම ඔයා හෙව්ව
දකින්නවත් හම්බුණෙ නෑ
අන්තිමේදි හම්බවුණේ
ගඟේ පහල තො‍ටුපල ළඟ
දං පඳුරක් අස්සෙ ඉඳල.......

සෑම දාම මා සනසපු
නිල් ඇස් දෙක පිය වීලා
රෝස පාට කම්මුල් යුග
සුදුමැළි පැහැ ගැන්වීලා
මගෙ රන්කඳ මටත් නොකිය
මගේ ලොවින් පිටවීලා..........

එදා ඉන්දන් මං තාමත්
හවසට පාළමට වෙලා
බලන් ඉන්නෙ නුඹ එනතුරු
ගං දියකඳ ඈත් වෙලා.....

අදහන්නට බෑ තාමත්
නුඹ මට නැතිවුණයි කියල
මට හිතෙන්නෙ මේ සේරම
නපුරුම හීනයක් කියල.......

නිමි.

^
සූ