ShareThis

2013-06-25

මාර්ග කම්කරුවාගේ ප්‍රේමය

බුල්ඩෝසර්,ජේ සී බී අලි ඇත්තු
කලුගල් කඩන මහ බල ඇති යකඩැත්තු
ඉහිරන කෑලි ඇහිදින අපි මනු සත්තූ
ඔපලන පොළව පාගනවා පිංවත්තූ

පාවඩ පලස අතුරන්නට ඇලට මැදින්
වාරම අදින්නට කම්බිය නවා තදින්
මාවර කපා පාදා මඩ කඩති මැදින්
පාවර එලන්නට අවසර අපිත් ලදින්

දියරැළි ළෙලදෙනායුරු ඇල මහත් තදින්
කුසරැළි සමඟ සසඳන්නට හැකිද ඉඳින්
හසරැළි මිතුරු නැත කුසගිනි දැනී තදින්
මැසිවිළි පමණි සැනසිලි නැත මිහිරි නදින්

අත සියුමැලිද නැත සියුමැලි ගත සිඹින
වත හෙල්මැළිද නැත මුකුලිත වත මවන
ලත විලි මිසක අනෙකක්නැහැ දැක නුවන
සිත පත පතා ලතවෙමි දැක නුඹ උවන

ට්‍රැක්ටර් බඳක බැඳි ටේලර් කොනක හිඳ
එහෙ මෙහෙ දුවයි කෙලෙසක වාවම්ද අද
ඩෝසර් නියඟ පටලා රළු පරළු හද
පාරට දමා තලනෙමි මම නොවී වද.

|චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.