ShareThis

2013-06-11

..........

කියන්න කියන්න
සිතට 'එකඟව
ගෙන්දගං පොළොවෙ
බින් අඟලක් නැති
දඩාවතේ යන බල්ලෙක් වගේ
වෙච්චි මට
මොකටද ඔය ආදරයක්
කාෂ්ටක අවපාත අව්වට වේලිච්චි
මගේ පර්ස් එකෙ පතුළට
කිමිදිලා හොයාගන්න පුලුවන්ද
එක හම්පඩ කාසියක්
සැලෝලයිඩ් ආදරයකටවඩා
අඩපණ කනාමැදිරි
ආදරයක් හොඳයි..
හෙට එච්චර කරුවල නෑ
ඒත් අද අඳුරෙනෙ
නේන හෙටක් මට මොකටද?
වදින තැනක
ගිහින් නතර වුණොත් මිස
පරඬලා පතකට කොහෙද
කැමති දිශාවකට යන්න
අයිතියක්
ඒක තීරණය කරන්නෙ
හුළඟ
ඒක කෘත්‍රීම වෙන්නත් පුලුවන්
මට මමවත් නැතිව
උඹ වෙනුවෙන්
මං
ඉන්නෙ කොහෝමද?
එහෙනම් ආදරයටත්
පැවැත්මක් කොහෙද?

^සූ

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.