ShareThis

2013-05-17

෴ජීවිතය..෴

භක්තියෙන් , අවදියෙන් ,
අවබෝධයෙන් ,
සියුම්ව
පිරිය යුතු ,

එහෙත්.... ,

නොපිරෙන දැහැනකි ,

ජීවිතය....
________________
            _______________

~සචි හංසි~

නූතන ටීකාවක්- by රැඩිකල් කවියා


2013-05-16

" දුමේ දාපු කවි"- by Aariyawansa Himu

" දුමේ දාපු කවි"

by Aariyawansa Himu (Notes) on Tuesday, October 23, 2012 at 7:40pm

එළුවා දුවයි උගෙ කුට්ටම හොලවාලා
බල්ලා දුවයි ඒ පස්සෙන් වැර දාලා
හරකා නිදයි තණ බිස්සේ ඇල වීලා
කපුටා කඩයි කිනිතුල්ලන් වැඩ දාලා

කුකුළා හඬයි කිකිළිගෙ පස්සෙන් වැටිලා
කිකිළී දමයි බිජුවක් කෙකරය ගාලා
වඳුරා කඩයි අඹ ගෙඩි ගස් උඩ නැගලා
ලේනා හපයි අමු අඹයට දත් ගහලා

හූනා දුවයි වහලේ මෙරුවන් සොයලා
බළලා රකියි කන්නට හූනන් අල්ලා
ගෙම්බා අඬයි වතුරේ බක බක කියලා
ගැරඬි පැටව් ගෙම්බන් දැක කෙල ගිල්ලා

මිනිසුන් සිටියි ගැහැණුන් මෙන් හැඩවීලා
ගැහැණුන් බිඳියි උන්ගේ සිල් සස් ගාලා
කවියෝ කුමට නිවටුන් මෙන් දණ ඔබලා
විරුවෝ විලස එක්වව් ජය ටැඹ සොයලා
(හි මු හිමි කවි)

දුර ගියත් නුඹ මට හිතින් දුර වැඩි නෑ...


දුර ගියත් නුඹ
මට හිතින් දුර වැඩි නෑ...

ලඟින් හිඳ ආදරෙන් කිව බස්
තවම අමතක නෑ...

මතක අතරින් නික්ම යන්නට
සිතට හයියක් නෑ..

මගේ හිතේ නුඹ ගත්තු ඉඩ තව
වැඩි මිසක් අඩු නෑ...


මතක අතරින් එකින් එක ගෙන
තවම මම හැඩ බලනවා....
අතට අසුවන හැම කොලේකම
පුංචි කවියක් ලියනවා...
ලියවෙනා හැම කවක් ගානෙම
අපේ ආදරේ තියෙනවා...
සොඳුර නුඹේ සුවඳ තාම මා වට
ගැවසෙනා බව දැනෙනවා...

රෑ සිහිනෙන් නුඹ එනවද 
මගේ සිහිනෙට පාට දෙන්න....
රෑ අහසට නුඹ එනවද
මාත් එක්ක තරු ගනින්න..
හඳ පානේ ඇවිද යමුද
දෙවැට දිගේ දෙමන්සලට...
අපේ කතා අහන් ඉන්න
කවුරුත් නෑ ඒ යාමෙට..

හමා ඇදෙන සුලන් රොදට
දහසක් කන් ඇති උනාට...
අහගෙන ගෙනිහින් කියන්න
කටක් නැත්තේ අපේ හොඳට...
කවි මුමුනන නුඹෙ තොල්පෙති
තවත් වරක් සිපගන්නද...
අද වේවිත හොඳම දවස
නුඹ සිටිනා මගෙ තනියට..

කිසිවකුගේ අනුකම්පා නැති මට නුඹ මෙතරම් ආදරේ මොකදෝ මන්දා


බෝල මිටියට
පෙම් බැන්ද
කරගැට වලින්
පිරි මගෙ අත්...
සියුමැලි නුඹේ අතට
තද වැඩි වෙයිද මන්දා...

අව්වට පිලිස්සුන,
දහඩියෙන් නැහැව ගිය
මගේ මේ උර මඩල
නුඹට
තද වැඩිදෝ මන්දා...

වැහිලිය ගෙතුලටම විත්
අදත් නුඹව
පිලිගනීවිදෝ මන්දා...

කට කැඩුන, අඬුව නැති
මගේ කෝප්පයේ වතුර
නුඹේ ඔය පිපාසෙට
පිහිටක් වේවිදෝ මන්දා...

ගල් ගැහුන මගේ හද
නුඹේ ඔය සෙනෙහෙ දියෙන්
කවදා තෙත් වේවිදෝ මන්දා...

කිසිවකුගේ අනුකම්පා නැති
මට
නුඹ මෙතරම් ආදරේ
මොකදෝ මන්දා

මං හරිම සතුටින්

අනේ මං හරි සතුටින්,
මේ සතුට මට අඩන්න දෙන්නෑ
යබරු බැස්සත් හදවතට
ඇහිපිල්ලමක්වත් ගහන්න දෙන්නෑ
ඉතින් තුන් තිස් පැයේ
මං හිනාවෙනවා
උමතුවෙන් දොඩවනවා
මල් සූටික්කියෙක් වගේ
තොරක් නැති පෙම් ගීත ගයනවා
කාටද මේ හැටි සතුටක්
ළය පැළී මිය ගියත් මං හිනාවෙනවා
වරද්දගන්න එපා
ඉඳහිට මෝදු වෙන කඳුළක් උනත්
ඒ හිනාවේ බරට මිස දුකට නෙමෙයි
මං හරිම සතුටින්.....

෴ හක්කේ බුදුරැස් ෴


හක්කේ බුදුරැස් - බොක්කෙ දඩමස්

මුවින් සිනහව - යටින් හතුරුව



මිනිස්කම් නැත - මුදල් මතමය

වැටී ඇති සෙය - අහෝ මනු ලොව


පිටින් සුදනන් - වුවද සලෙලුන්

බොරදියට බට - මාළු බාමින්


තපස් දම් රැක - කුමට මෙතරම්

කටින් නොව පුත - රකිනු සිල් දම්



ෆැන්ටසියෙන් මෙපිට පෙම...

ෆැන්ටසි පිරුණු ලෝකෙක

ඔයයි මමයි ආදරේ කලේ

ලුණුයි බතුයි කන්නම් කියල

සසර පුරා ඕනිම දුකක් විඳින්නම් කියල

දාහක් හීන ලෝක ඇතුල්‍රේ ඉඳන් නොවුනත්

කාටවත් දෙන්න බැරිවුණු බැඳීමක්

අදටත් හිතේ කොනක සක්මන් කරනවා

ඔයා වගේම මාත් දන්නවා

අපි අපෙන් වෙන්වෙලා බොහෝ කලක් වුනත්...

හීන් සිරිපොද.... - by සුභාෂිණි ගුණවර්ධන