ShareThis

2013-05-16

මං හරිම සතුටින්

අනේ මං හරි සතුටින්,
මේ සතුට මට අඩන්න දෙන්නෑ
යබරු බැස්සත් හදවතට
ඇහිපිල්ලමක්වත් ගහන්න දෙන්නෑ
ඉතින් තුන් තිස් පැයේ
මං හිනාවෙනවා
උමතුවෙන් දොඩවනවා
මල් සූටික්කියෙක් වගේ
තොරක් නැති පෙම් ගීත ගයනවා
කාටද මේ හැටි සතුටක්
ළය පැළී මිය ගියත් මං හිනාවෙනවා
වරද්දගන්න එපා
ඉඳහිට මෝදු වෙන කඳුළක් උනත්
ඒ හිනාවේ බරට මිස දුකට නෙමෙයි
මං හරිම සතුටින්.....

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.