ShareThis

2013-05-17

ම ල කි | නු ඹ ම ට _____~'~

සොඳුර අප
ආ ගියපු තැන් වල
මතක තවමත් තියෙනවා...

මතක අතුරින් ඇවිදිනා මගේ
ඇසට කඳුලුත් උනනවා...

එදා අපහට සෙවන දුන් ගස්
අදත් එලෙසම තියෙනවා...

හමුවෙනා උන් කින්ඩියට මෙන්
අද මොකද තනියම අහනවා...

මලින් බර වුන ගස් අතර මම
මගේ මල තව සොයනවා...

අඬන මගේ සිත හදා ගන්නට
එතූ මලක පිහිට පතනවා..

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.